Followers
Tuesday, May 26, 2020
Wednesday, May 20, 2020
Thursday, May 14, 2020
Wednesday, May 13, 2020
ඈත කඳුකර හිමව් අරණේ – පසුබිම.
ඈත කඳුකර හිමව් අරණේ ගීතය අප රටේ සිටී විශිෂ්ටතම ගේය පද රචකයෙක් වන මහගම සේකරයන් අතින් ලියැවූවක්. අචාර්ය පණ්ඩිත් අමරදේවයන් ගායනා කළ මෙම අපුර්ව ගීතය බොහෝ දෙනාගේ හදවත් තුළ සදා නොමැකෙන ස්ථානයක ලැගුම්ගනු ලැබුවා. මෙම ගීතයේ ඇති තවත් සුවිශේෂත්වයක් වන්නේ මෙය අප ගීත කලාවේ පළමු පුරුෂ වර්ණනාත්මක ගීතය වීමයි. අවාසනාවකට මෙන් අද කාලයේ නව පරපුරේ බොහෝ දෙනෙක් මෙම ගීතය අසාවත් නොමැති වන්නට පුලූවන්. මෙය නල-දමයන්ති මුද්‍රා නාට්‍යයේ එන ගීතයක්. නාට්‍ය නොබලපු කෙනෙක්ට වුණත් ගීතයේ සංගීතමය රසයත් සමඟ හොඳින් රස විඳින්නට පුළුවන්. ඒත් මෙහි ඇති සැබෑ රසය විඳගන්නට නම් මෙහි එන කථා වස්තුව ගැන අසා තිබීම ඉතා වැදගත්. මෙය ඉන්දීය සාහිත්‍යයේ ඇති මහා භාරතයේ එන ඉතා අලංකෘත පේ‍්‍රම කථාවක්. නල නම් රාජකුමාරයෙක් සහ දමයන්ති නම් රාජ කුමාරිකාවක් අතර සිදුවූ කථා පුවතක්. ගීතය රස නොවිඳි කෙනෙක් නම් ගීතය අසන්නට පෙර මේ කථාව කියවාම පහත ඇති ගීතය රස විඳින්නට ආරාධනා කරනවා. ගීතය අසා ඇතිමුත් කථාව නොදන්නා අයටද කථාව කියවා නැවත වරක් ගීතය රසවිඳින්නට කියා ආරාධනා කරනවා. එයින් ඔබට මෙතෙක් නොවිඳි වෙනස්ම රසයක් දැනේවි.
නල කුමරුන් ජීවත්වූයේ භාරතයේ නිශාදය නම් රාජධානියෙයි. ධර්මානුකූලව දිවිගෙවු ඔහු මනා තේජාන්විත, රනින් කළ පිළිරුවක් බඳු රූප සම්පත්තියක් ඇත්තෙකි. එමෙන්ම කතා බස් කරනා විට පවා ඇත්තේ මධුර හඬකි. රූසපුවෙන් හා ගතිපැවතුම්වලින්ද ඔහුට සමකළ හැකි කිසිවෙකුත් එකල භාරතය තුළ නොවීය. දිනක් නල කුමරුන් විවේකය පිණිස රාජකීය උයනේ සිරි නරඹන්නට යනවා. එහිදී ඔහු දකිනවා කිරි පැහැයෙන් බබලන හංස රෑනක් තම උයනට පමිණ සිටිනවා. කුමරුන් එකෙකු අල්ලාගන්නට සැරසෙත්ම අන් සියලූ හංසයින් ඉගිල ගොස් එකෙකු පමණක් නතරවනවා. එ් හංසයා කුමරුන් අතට ගත් විට හංසයා කුමරුන් සමග කතා කරනවා. තමා කුමරුන් දැක අතිශය සතුටු වූ බවත් දින කිහිපයක සිට කුමරුන් ගැන සෙවිල්ලෙන් සිටි වගත් හංසයා පවසනවා. කුමාරයා කාරණාව කුමකදැයි විමසූ විට හංසයා දමයන්ති කුමරිය ගැන සියලූ තොරතුරු පවසනවා. ඇය විධර්බා රාජ්‍යයේ රජුගේ දියණියයි. ඇය මනා රූසපුවකින් හා යහපත් ගති පැවතුම් ඇති කුමරිකාවක්. තමන් කෙදිනක හෝ එවැනි රූපසම්පත්තියක් ඇති යහපත් කුමාරිකාවක් දැක නොමැති බව කුමරුන් හා පවසනවා. එමෙන්ම ඇය දුටු දින ඇයට ගැලපෙන කිසිඳු කුමරෙකු භාරතය තුළ නම් නොවන වග තමා සිතාගත් බවත් හංසයා කුමාරයාට පවසනවා. නමුත් කුමාරයා දුටු දිනම ඔහු නම් ඇය වෙනුවෙන්ම උපන් අයෙකු බව තමාට සිතුණු බවත් ඔබ දෙපළ එකිනෙකා හා විවාහා වූයේ නම් මෙලොව වෙසෙන පේ්රමණීයම හා සුන්දරම යුවළ වනු ඇති බව හංසයා නල කුමරුන් හා පවසනවා. දමයන්ති කුමරිය ගැන මේ හංසයාගේ මේ වර්ණනාව අසා පැහැදුනු නල කුමරුන්ගේ හිතේ ඇය කෙරෙහි ප්‍රභල පේ‍්‍රමයක් ඇතිවෙනවා. කුමාරයා ඇය පිළිබඳ සිතමින් ලතැවෙනවා. ඇය ගැන තම හදේ ඇති වූ සෙනෙහස ගැන මේ හංසයා සමඟ පවසනවා. ඇයව බලාගන්නා අන්දම, ඇයට සලකන අන්දම, සහ දිවි හිමියෙන් ඇය සුරකිනා බව කුමාරයා ඇය නැති දුකින් හංසයා හා පවසනවා. ඇයට දැක ගන්නට, තම හදෙහි ඇය වෙනුවෙන් නැගෙන ආදරය කියාගන්නට නොහැකිව සිටිනා වග ඔහු හංසයාට පවසනවා.
හංසයා කුමාරයාගේ මේ බස් අසා සිත තදින් පෑරෙන්නට වුණා. හංසයා ඕනෑතරම් පෙම් කළ එක් වූ කාන්තාවන් හා පිරිමින් දැක ඇත. එහෙත් එ් ඕනෑම යුවලක කුමන හෝ නොගැලපීමක් තිබුණි. එය එසේ විනිද, නල කුමාරයත් දමයන්ති කුමාරිකාවත් එසේ නොවේ. සෑම අතින්ම දෙදෙනා ගැලපෙයි. ඔවුන් දෙදෙනා එක් නොවුනහොත් කිසිදෙනක ඔවුනට ගැලපෙන අයෙකු හා විවාහා වීමට දෙදෙනාගෙන් කවරෙකුට හෝ නොහැකි බැව් හංසයා දනි. ඉවසා ගත නොහැකිව හංසයා ඔබ මා අතහරින්නේ නම් මා දමයන්ති කුමරිය සොයා ඉගිල ගොස් ඔහුගේ පේ‍්‍රමය පිළිබඳ ඇයට පවසන බවට නල කුමරුන්ට පොරොන්දු වෙයි. පසුව හංසයා රෑ වනතුරාම විඩාව නොසලකා දමයන්ති කුමරියගේ මාලිගය සොයා පියඹා යනවා. පෙරදින කුමරුන් හමු වූ විලසින්ම හංසයා කුමරියගේ උයනට ගොස් රැගුම් පාමින් සිටිනවිට කුමරිය හංසයා දැක හංසයාව අල්ලා ගන්නවා. පසුව හංසයා තමන්ට යන්නට නිදහස ලබා දෙන්නේ නම් කුමරියට මහත් වූ ආදරයෙන් පසුවන මේ කුමාරයා ගැන කරුණු කියනා බවට ඇයට පොරොන්දු වනවා. ඇයට මෙලෙස ආලය කරන කුමරුන් කවුරුන්දැයි දැනගැනීමට ඇති ආශාව නිසා ඇය හංසයා අතහරිනවා. පසුව හංසයා තමා ඇය පිළිබඳ කියූදේ අසා නල කුමරුන්ගේ හදේ ඈ කෙරෙහි හටගත් පේ‍්‍රමයත් කියමින් කුමරුන්ගේ වරණනාවක් ඇයට ඉදිරිපත් කරනවා. එම කුමාරයාගේ ශෝබා සම්පන්න බවත් ඔහු හිත කුමරිය කෙරෙහි ඇති වූ පේ‍්‍රමයේ තරම හංසයා කියන විලසින් මහගම සේකරයන් ඈත කඳුකර හිමව් අරණේ ගීතය රචනා කර තිබෙනවා. එම ගීතය පහතින් රස විඳින්න.
ගායනය – අචාර්ය පණ්ඩිත් අමරදේව
පද රචනය – මහගම සේකර
සංගීතය – ආචාර්ය ලයනල් අල්ගම
කතෘ:- ධනුෂ්ක සංජය
පරිශීලිත මූලාශ්‍ර ;
මහා භාරතය ,
නල -දමයන්ති මුද්‍රා නාට්‍ය,
නොමියෙමි මහගම සේකර.
Saturday, May 9, 2020
ජීවිතය විදවන් නට නොවේ
ජීවිතය විදින්නට මිස විදවන්න නොවේ
Media GangSeptember 02, 2019
මේ කතාව ඔබ මම කවුරුත් අසා ඇති. පුංචි දෙයක් කර එයින් සතුටක් ලැබීමට ඔබට මට කාටත් හැකියාව තිබේ. වර්තමානයේ මුදල්ම පමනක් වූ ජීවිතය තුල සතුට යනු කුමක් ද යැයි බොහෝ දෙනෙකුට අමතකව ගොස් ඇත. අතීතයේ මිනිසුන් පුංචිම පුංචි දෙයකින් සතුට සොයන්න පුරුදු වී සිටි බව මම අසා ඇත. ඒ අතර සරල දෙයක් දෙස සියුම්ව බලා ජීවිතය හරි අපූරුවට දුටුව පුද්ගලයෙක් ලෙස මාර්ටින් වික්‍රමසිංහ ශූරීන් ඉදිරියෙන්ම සිනිනේය.
" අගල් නමයක් පමණ දිග පොල්පිති කෑල්ලකින් තනාගත් හරකාගේ නැහැය විද නාස් ලණුවක් දමා තවත් ලණු දෙපටකින් ඇදගෙන යෑමෙන් මා ලද ප්‍රීතිය, රටින් ගෙන්වනු ලබන දුවන, පනින,කැරකෙන සෙල්ලම් අසුන්,ඇතුන්,හරකුන් සුලභ මෙකල හද්ද පිටිසර දරුවකුට වුවද නොලැබිය හැකිය."
ප්ලාස්ටික් ලෝකයෙහි පවතින බව නොරහසකි. නමුත් ඉහත උපන් දා කෘතියේ ඇති උද්ධෘතය තුලින් ගම්බද දරුවකු විසින් තනාගන්නා එම සෙල්ලම් බඩුව තුල ඔවුන්ගේ සතුට ඇති බව මනාව පැහැදිලි වේ. මාටින් වික්‍රමසිංහගේ කුඩා අවදිය තුල දී ඔහු ඔහු තුලින්ම ජීවිතය විදින්නට උත්සහ දරා ඇත.එවන් අවස්තා බොහෝමයක් මෙම කෘතිය තුලින් උපුටා දැක්විය හැක. සරලව සිතන පතන පුද්ගලයන් තුලින් පුංචිම දෙයක්දී පවා නොවැටී සිටිමින් ජීවිතයේ තවත් ලස්සන පැත්තක් දැකීමට අවස්තාවක් හිමි වේ.
"ඉරටු කෑලි එක්කොට නූලෙන් බැදීමෙන් මා සෑදූ කරත්තයේ රෝද සූරිය ගෙඩි හතරකි. අලවංගු දෙක ඉරටු කෑලි දෙක කි.මේ සූරිය ගෙඩි රෝද කරත්තය සෑදීමෙන් මා මෙන් හැම ගැමි ළමයෙක් සන්තෝෂයක් ලැබීය."
මන්ද විරාජමාන වන්නේ ඉත පොඩි දෙයකින් පවා ඉතා සන්තෘප්තියක් ලැබීමට ඔවුන් දැරූ උත්සහයකි.
එවන් සමාජයක අතීතයක් ඇති අපි වර්තමානය වන විට මිල මුදල් පසුපස හබා යන නිසාවෙන් ජිවිතේ සතුට දුරස් කරගෙන ඇතැයි විටෙක මට සිතේ. උදේම නැගිටින ගැහැනුන් මිනිසුන් හනි හනිකට තම රස්සාව සොයා දුවනෙ විදින්න තිබෙන ජීවිතය බිල්ලට තබමිනි.. යම් විටෙක මන් අසා ඇති වදනක් ඇත..." වැඩ ඇරී වැඩට යති ගැහැනුන්" මේ එයයි.
මෙමගින් කිය වෙන්නෙ බැදීම් වලින් තෙරපෙන ස්ත්රීන්ගේ ජීවිත කතාවයි.
ඉහත උපන් දා කෘතිය කියවන්නකු තුල ජීවිතයට ලබා ගත හැකි දෑ බොහෝය.කාර්මීකරනය වූ ලෝකෙක ස්භාව සෞන්දර්ය අගයමින් ජීවිතය විදිමු.. සරලව ජීවත් වෙමු. ලැබෙන දෙයින් සැනසෙමු. කාලය ඉතා ආදරනීය ලෙස ආදරනීයයන් සමග විදිමු.
"ඉරටු කෑලි එක්කොට නූලෙන් බැදීමෙන් මා සෑදූ කරත්තයේ රෝද සූරිය ගෙඩි හතරකි. අලවංගු දෙක ඉරටු කෑලි දෙක කි.මේ සූරිය ගෙඩි රෝද කරත්තය සෑදීමෙන් මා මෙන් හැම ගැමි ළමයෙක් සන්තෝෂයක් ලැබීය."
මන්ද විරාජමාන වන්නේ ඉත පොඩි දෙයකින් පවා ඉතා සන්තෘප්තියක් ලැබීමට ඔවුන් දැරූ උත්සහයකි.
එවන් සමාජයක අතීතයක් ඇති අපි වර්තමානය වන විට මිල මුදල් පසුපස හබා යන නිසාවෙන් ජිවිතේ සතුට දුරස් කරගෙන ඇතැයි විටෙක මට සිතේ. උදේම නැගිටින ගැහැනුන් මිනිසුන් හනි හනිකට තම රස්සාව සොයා දුවනෙ විදින්න තිබෙන ජීවිතය බිල්ලට තබමිනි.. යම් විටෙක මන් අසා ඇති වදනක් ඇත..." වැඩ ඇරී වැඩට යති ගැහැනුන්" මේ එයයි.
මෙමගින් කිය වෙන්නෙ බැදීම් වලින් තෙරපෙන ස්ත්රීන්ගේ ජීවිත කතාවයි.
ඉහත උපන් දා කෘතිය කියවන්නකු තුල ජීවිතයට ලබා ගත හැකි දෑ බොහෝය.කාර්මීකරනය වූ ලෝකෙක ස්භාව සෞන්දර්ය අගයමින් ජීවිතය විදිමු.. සරලව ජීවත් වෙමු. ලැබෙන දෙයින් සැනසෙමු. කාලය ඉතා ආදරනීය ලෙස ආදරනීයයන් සමග විදිමු.
R.M.B.M.Rathnayaka.
WHAT IS THE LIFE
“Life is like a flood. Life is like a stream. Life is like the little drops of rain water that fall from the roof and come together to meander its way in turbulence and in torrent without order or border moving to wherever it faces. When we build the tunnels; when we build the gutters; when we show the paths which it must take and to where it must go, it moves within boundaries to a definite direction and destination. A life without boundaries, a life without a definite destination, a life without orderliness, is indeed a life in wander. Just ponder!”
― Ernest Agyemang Yeboah
Subscribe to:
Comments (Atom)




